28.9 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඔබතුමාලගේ අය මම රෑට රෑට හම්බෙනවා - වජිර අබේවර්ධන

ඔබතුමාලගේ අය මම රෑට රෑට හම්බෙනවා – වජිර අබේවර්ධන

ඔබතුමාලගේ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා” යනුවෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

වජිර අබේවර්ධන අයවැය විවාදය අමතමින් සිටියදී නැගී සිටි රංජිත් මද්දුමබණ්ඩාර මතු කළ පැනයකට පිළිතුරු සපයමින් අබේවර්ධන මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රංජිත් මද්දුම බණ්ඩාර මෙසේද කීය.

ඔබතුමා සිරිකොතට ගිහින් පක්ෂ සභාපති ලෙස අපට සහාය දෙන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා. ඔවුන් ඉවත් කරනවා. මේ දෙබිඩි ප්‍රතිපත්තිය මොකක්ද? මෙහේ ඇවිත් සහයෝගය ඉල්ලනවා. අනිත් පැත්තෙන් ගිහින් අපේ අය අයින් කරනවා.

ඊට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මෙසේද කීය.

අප දරන මතය නම් පරීක්ෂණ වලින් ප්‍රශ්න විසඳන්න බෑ. ඒ නිසා තමයි ඔය එක්දහස් ගානටම අප දිවුරුම් ප්‍රකාශයක් යවා එය අත්සන් කර එවා ප්‍රශ්නය අවසන් කර ගන්නා ලෙස දැනුම් දුන්නේ. ඕනෑම දේශපාලන පක්ෂයක විනය වැදගත්. මගේ මෙන්ම ඔබේ දේශපාලන පක්ෂයේ විනය වැදගත්. මෙහිදී විනය ක්‍රියා මාර්ගයකින්ම පමණක් දුවන්න බැහැ. ඔබතුමාලගෙ සමහර අය මම රෑට රෑට හම්බ වෙනවා. ඒ හම්බ වෙන අයත් සමඟ මම මේ ගැන කතා කරනවා.