30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපනත් කෙටුම්පත් 08කට කතානායකගේ සහතිකය

පනත් කෙටුම්පත් 08කට කතානායකගේ සහතිකය

කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අධිකරණය හා සම්බන්ධ පනත් කෙටුම්ප‍ත් 08කට සිය සහතිකය සටහන් කළ බව පාර්ලිමේන්තුවට අද (18) දැනුම් දුන්නා.

සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටි, අධිකරණ සංවිධාන(සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය(සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් 08ට මෙසේ සහතිකය සටහන් කර තිබේ.

මේ අනුව එම පනත් කෙටුම්පත් 08 අද (18) සිට බලාත්මක වේ. පසුගියදා අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු මේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත විය.