29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිලියන 3.5ක් මුඛ රෝගවලින් පෙළෙනවා - ලෝක සෞඛ්‍ය සංවිධානය

බිලියන 3.5ක් මුඛ රෝගවලින් පෙළෙනවා – ලෝක සෞඛ්‍ය සංවිධානය

ලොව පුරා බිලියන 3.5 ක ජනතාවක් මුඛ රෝගවලින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සෑම වසරකම ලොව පුරා මුඛ පිළිකා රෝගීන් 380,000ක් පමණ හඳුනා ගන්නා අතර මුඛ රෝගවලින් පීඩාවට පත් හතරෙන් තුනක්ම අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල ජීවත් වන අය බව එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම එහි වැදිදුරටත් සදහන් වන්නේ සම්පූර්ණයෙන් දත් විනාශ වීමට ප්‍රධාන හේතුවක් වන දරුණු විදුරුමස් රෝගය ලොව පුරා බිලියනයකට බලපාන බව ගණන් බලා ඇති බවයි.

ලොව පුරා ඇති එකම පොදු රෝගය වන දත් දිරායාම බිලියන 2.5 ක ජනතාවකට බලපා ඇති බවත් ගෝලීය මුඛ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් රටවල් 194 පුරා ප්‍රධාන ක්ෂේත්‍ර සහ දත්ත මගින් සිදුකළ සමීක්ෂණයට අනුව පසුගිය වසර 30 තුළ රෝගීන් බිලියනයකින් වැඩි වී ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.