― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරැඳවියන්ට බන්ධනාගාරවල ඉඩ මදි වෙයි

රැඳවියන්ට බන්ධනාගාරවල ඉඩ මදි වෙයි

බන්ධනාගාරවල තදබදය යළිත් ඉහළ ගොස් තිබේ.

අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ නීති දැඩි කිරීමත් සමග ඒ සම්බන්ධ සැකකරුවන් දෛනිකව රක්ෂිත බන්ධනාගාරගත වීම ඉහළ යාමත් සමග මෙම තත්ත්වය උද්ගතවී ඇති බව අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පැව්සීය.

අබිං හා විෂ මත්ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීමත් සමග දෛනිකව අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 400 දෙනෙකු පමණ රක්ෂිත බන්ධනාගාරගත වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාව මේ වනවිට 26,000 ඉක්මවා ඇති බවත් තදබදය අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.