25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැඩි කළ ඉන්ධන කෝටාව ලබාගැනීමටත් ලියාපදිංචි ගාස්තුවක්

වැඩි කළ ඉන්ධන කෝටාව ලබාගැනීමටත් ලියාපදිංචි ගාස්තුවක්

පසුගියදා ත්‍රීරෝද රථ සඳහා වැඩි කළ ඉන්ධන කෝටාව ලබා ගැනීම සඳහා ත්‍රිරෝද රථ ලියාපදිංචි වීම සඳහා රුපියල් 500ක් අය කිරීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ලියාපදිංචියට අදාළ ලියකියවිලි සඳහා එම මුදල අයකරන බව ඔහු සඳහන් කළා. ත්‍රිරෝද රථ 25,000 කට ආසන්න සංඛ්‍යාවක් ඉන්ධන කෝටාව ලබාගැනීම සඳහා ලියාපදිංචි වී ඇති බවත් ඉහළ දැමූ ඉන්ධන කෝටාව ලබන සඳුදා (21) සිට හිමිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.