25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවෙඩි තැබීමකින් මන්න කන්නාට තුවාල

වෙඩි තැබීමකින් මන්න කන්නාට තුවාල

අද (19) පෙරවරුවේ ග්‍රෑන්ඩ්පාස්, නවගම්පුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු තුවාල ලබා තිබේ.

එලෙස තුවාල ලබා ඇත්තේ මාරිමුත්තු ගනේෂන් හෙවත් ‘මන්න කන්නා’ යන අයෙකු බවයි පොලීසිය පැවසුවේ.

47 හැවිරිදි මන්න කන්නා නවගම්පුර නිවාස සංකීර්ණයේ අතුරු මාර්ගයකදී ඔහු වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු වන තුවාල ලැබූ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට මුදාහැර සිටි පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.