27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsළමා නිවාසයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

ළමා නිවාසයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට

යාපනය, තිරුනෙල්වේලි ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් නිවාසයක් තුළ 12 හැවිරිදි පිරිමි ළමයෙකු අපයෝජනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

කෝපායි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම දරුවාගෙන් ලබාගත් ප්‍රකාශයක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ළමා නිවාසයේ පාලකයෙක් වන 36 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු මන්නාරම ප්‍රදේශයට අයත් අයෙකු බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා.