27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදයි

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අදයි

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (22) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවද අයවැයට එරෙහිව ඡන්දය භාවිත කිරීමට තීරණය කර තිබෙනවා.

ඊයේ (21) පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අමතරව ආණ්ඩුවෙන් වෙන්ව ස්වාධීනව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් යුත් නිදහස් ජනතා සභාව ද අයවැයට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමටයි තීරණය කර ඇත්තේ.

2023 මූල්‍ය වර්ෂයට අදාළ අයවැය පසුගිය 14 වනදා මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.