27.2 C
Colombo
Saturday, August 2, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති බන්දුලගේ සැත්කම වැරදී ඉන්දියාවෙන් සිංගප්පූරුවට යවයි

ඇමති බන්දුලගේ සැත්කම වැරදී ඉන්දියාවෙන් සිංගප්පූරුවට යවයි

ඉන්දියාවේදී කළ සැත්කම වැරදී ඇමති බන්දුල ගුණවර්ධන සිංගප්පූරුවේ රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

සැත්කමක් සිදුකිරීම සඳහා ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා ඉන්දියාව බලා පිටත් වී තිබුණා. ඉන්දියාවේ පුද්ගලික රෝහලක සිදු කළ එම සැත්කම වැරදී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

පසුව බන්දුල ගුණවර්ධන වැඩිදුර ප්‍රතිකාර සදහා සිංගප්පුරුවේ රෝහලකට ඇතුළත් වී තිබෙනවා. මේ වන තෙක් බන්දුල ගුණවර්ධන දැරූ සියලු අමාත්‍ය ධුරවල වගකීම ශාන්ත බණ්ඩාර වෙත පවරා තිබෙනවා.