24.5 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕමානයේදී මෙරට කතුන් වෙන්දේසි කළ කතකට ඇප

ඕමානයේදී මෙරට කතුන් වෙන්දේසි කළ කතකට ඇප

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සඳහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් එරටදී වෙන්දේසි කළැයි කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාවක් රුපියල් ලක්ෂ තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (21) නියෝග කර තිබේ.

‘ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා’ නැමැති ඕමාන් රටේ විදේශ සේවා ආයතනයක භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ආශා දිසානායක නැමැති කාන්තාව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත්තේය.

තම සේවාදායිකාව ඕමාන් රටේ ආයතනයක වසර 22ක් පුරා භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළා මිස කිසිදු ශ්‍රී ලාංකික කාන්තාවක විදෙස් සේවය සදහා මෙරටින් රැගෙන ගොස් නොමැති අයකු බව සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරයා කළ කරුණු සැලකිල්ලට ගෙන ඇයව ඇප මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.