31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකෙහෙළිය ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනම්

කෙහෙළිය ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනම්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙක්ට විදෙස් ගමන් තහනම් කරන්නැයි කොළඹ මහාධිකරණය අද (22) නියෝග කළේය.

ඒ කෙහෙළිය ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මුදල් වැයකොට දේශපාලන කටයුතු සඳහා ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා සම්බන්ධවයි.

ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල සහ එම සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ, හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අයට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනාට නඩුව අවසන් වනතුරු විදේශගත වීම වළක්වමින් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ විසින් විදෙස් ගමන් තහනමක්ද පනවනු ලැබීය.

අනතුරුව එක් එක් විත්තිකරුවන් රුපියල් 20,000 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට භාර දිය යුතු බවටත් නියෝග කළේය.