28 C
Colombo
Tuesday, October 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalචන්ද්‍රිකා හා නිමල්ට ශ්‍රීලනිපයේ දොර වැසෙයි

චන්ද්‍රිකා හා නිමල්ට ශ්‍රීලනිපයේ දොර වැසෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීන්දු තීරණවලට පටහැනිව කටයුතු කළ පුද්ගලයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

පෙරේදා (21) එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග , හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇති අබ්වයි වාර්තා වන්නේ.

ඊට අමතරව මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ශාන්ත බණ්ඩාර, ලසන්ත අලගියවන්න, සුරේන් රාඝවන්, චාමර සම්පත් දසනායක සහ ජගත් පුෂ්පකුමාර ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි පක්ෂය තීරණය කර ඇත්තේ.