27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනාමල්ගෙන් තිලංගට සුබපැතුම්

නාමල්ගෙන් තිලංගට සුබපැතුම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයා ලෙස තිලංග සුමතිපාල තෝරා පත්කර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ඊයේ (21) කටයුතු කළා.

ඒ එම තනතුරේ මෙතෙක් කටයුතු කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර එම තනතුරෙන් ඉවත් කිරීමත් සමඟයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහ ලේකම්වරයාට සුබ පැතුම් එක්කරන්නට පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කර තිබුණා.

සිය නිල ට්විටර් ගිණුමට විශේෂ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නව මහ ලේකම් තිලංග සුමතිපාල වෙත මෙලෙස සුබපැතුම් එක්කර තිබූ අයුරු දැකගත හැකියි.

මන්ත්‍රීතුමාට සුබ පැතුම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නව මහලේකම්වරයා ලෙස පත්වීම ගැන, ඔබට සාර්ථකත්වය හැර අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරමි” යනුවෙන් නාමල් මන්ත්‍රීවරයා එම ට්විටර් සටහනේ දක්වා තිබුණා.