25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිස් ජාවාරම: ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සේවයෙන් පහ කෙරේ

මිනිස් ජාවාරම: ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරියෙක් සේවයෙන් පහ කෙරේ

මිනිස් වෙළඳාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට වැඩ තහනමට ලක්ව සිටින ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ඊ. කුෂාන් මෙරටට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

දැනට ඕමානයේ සුරක්ෂා මධ්‍යස්ථානයේ රැඳී සිටින මෙරට ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.