25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalලංකා ඉතිහාසයේ හොඳම විපක්ෂය අපේ පක්ෂයයි - සජිත් ප්‍රේමදාස

ලංකා ඉතිහාසයේ හොඳම විපක්ෂය අපේ පක්ෂයයි – සජිත් ප්‍රේමදාස

පසුගිය වසර 74ක විපක්ෂය නොකළ කාර්යභාරයක් ඉටුකිරීමට තමන්ට හැකි වූ බවත් ඇතැමුන් ‘උනුත් එකයි මුනුත් එකයි‘ යනුවෙන් ප්‍රකාශ කළද තමා ඇතුළු විපක්ෂය ඊට හාත්පසින්ම වෙනස් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සමගි ජන බලවේගයේ දැදිගම ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ජනතාව පීඩනයෙන්, අසහනයෙන් මිරිකී ගොස් ඇති මොහොතේ ඉදිරිපත් කළ අයවැයෙන් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ජනතාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව කටයුතු කරන බව තහවුරු වූ බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාසල් ළමුන් වෙනුවෙන් ආණ්ඩුවට සාධනීය පිළිතුරක් නොමැති වුවද විපක්ෂ නායකවරයා ලෙස තමා ළඟ ඊට විසඳුම් පවතින බවයි.