26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවජිරගෙන් ටෙලිකොම් ආයතනයට ලක්ෂ ගානක පොල්ලක්

වජිරගෙන් ටෙලිකොම් ආයතනයට ලක්ෂ ගානක පොල්ලක්

ටෙලිකොම් ආයතනය පාඩු ලබන බවත් එය විකුණා නොදැමුවහොත් ජනතාවට කෑම නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සහ වජිර අබේවර්ධන පැවසූවද එය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව සමගි ජන බලවේගයේ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක‌ පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නිරෝෂන් පාදුක්ක කියා සිටියේ වජිර අබේවර්ධනගේ ගාල්ල නිවසේ ලක්ෂ ගාණක ටෙලිකොම් බිලක් මේ දක්වා ගෙවා නොමැති බවයි.

පසුගිය වසරේදී පමණක් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය රජය සතු කොටස් වෙනුවෙන් රුපියල් මිලියන 2000ක මුදලක් ගෙවා ඇති අතර සෘජු හා වක්‍ර බදු වෙනුවෙන් රුපියල් බිලියන 19.3 ක්ද රජයට ගෙවා තිබේ.

ටෙලිකොම් ආයතනයේ වත්කම් මේ වනවිට බිලියන 400කට ආසන්න බව එහිදී පැවසූ නිරෝෂන් පාදුක්ක අවධාරණය කළේ ටෙලිකොම් ආයතනය විකුණා දැමීමෙන් රජයට ලැබිය යුතු අති විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වන බවයි.