26.1 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම්වල ඉහළට

අන්තර්ජාතික දැල්පන්දු ශ්‍රේණිගත කිරීම්හි 16 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණිමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත්වී තිබේ.

අද (22) එළිදැක්වූ එහි නවතම ශ්‍රේණිගත කිරීම්වලින් මේ බව දක්වා ඇති අතර මෙහි පෙරමුණේ සුපුරුදු පරිදි ඔස්ට්‍රේලියාව පසුවන අතර දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙලින් නවසීලන්තය හා එංගලන්තය හිමිකරගෙන ඇත.

මේ අනුව පසුගිය අගෝස්තු මස 19 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාව මෙම නවතම ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 3ක් ඉදිරියට පැමිණීමට සමත් වී තිබීම විශේෂත්වයකි.

මේ අනුව ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම පසුවන රට වන්නේද ශ්‍රී ලංකාවයි. පසුගිය සැප්තැම්බර් මසදී පැවති ආසියානු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනාගැනීම මෙම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාවට ඉදිරියට පැමිණීමට ප්‍රධාන හේතුවක් වී තිබේ.