― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsහරි කාලෙදි හැඳුනුම්පත නොගත්තොත් 2500ක දඩ මුදලක්

හරි කාලෙදි හැඳුනුම්පත නොගත්තොත් 2500ක දඩ මුදලක්

වයස අවුරුදු 15 දී ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම අනිවාර්ය බව සඳහන් කරමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම චක්‍රලේඛයට අනුව අදාළ වයසේදී හැඳුනුම්පතක් ලබා නොගත් සහ එම වයස් සීමාව ඉක්මවා හැඳුනුම්පත් සඳහා අයදුම් කරන පුද්ගලයින්ගෙන් රුපියල් 2500 ක දඩ මුදලක් අය කෙරේ.

දැනට රටේ පවතින නීතියට අනුව ජාතික හැඳුනුම්පතක් ලබා ගත යුත්තේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ පසුවයි.

සාමාන්‍ය පෙළ විභාගය ලියන සිසුන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳව සෑම වසරකම සියලුම පාසල්වලට චක්‍රලේඛයක් නිකුත් කළද පාසල් සිසුන්ගේ අයදුම්පත් සියයට පනහක් නොඑවන බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාසල්වල විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් දැනුවත් කිරීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.