27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews54 හැවිරිදි නැන්දම්මා දූෂණය කළ බෑනා අත්අඩංගුවට

54 හැවිරිදි නැන්දම්මා දූෂණය කළ බෑනා අත්අඩංගුවට

බෑනා විසින් නැන්දම්මා දූෂණය කිරීමේ සිද්ධියක් සපුගස්කන්ද ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

තම බිරිඳ පෙරේදා (20) සංගීතයක් නැරඹීම සඳහා නිවසින් පිටව ගිය අතරතුරදී මෙම බෑන විසින් බිරියගේ මව දූෂණය කර තිබේ.

සිද්ධියට සම්බන්ධ බෑනා හා බිරිය මාබිම ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට ඇති බවත් ගල්නෑව ප්‍රදේශයේ පදිංචි වී සිටින බිරියගේ පියා හා මව ඊට පෙර දිනක මෙම නිවෙසට පැමිණ ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේනමුත් මව එහි සිටියදීම පියා නැවත ගමට ගොස් තිබේ. 20 වැනිදා රාත්‍රියේ නැන්දම්මා හා බෑනා නිවසේ සිටියදී බිරිය සංගීතයක් නැරඹීම සඳහා නිවෙසින් පිට වී ගොස් ඇති අතර එම අතරවාරයේදීයි මෙලෙස බෑනා විසින් නැන්දම්මා දූෂණය කර ඇත්තේ.

අතවරයට ලක් වූ 54 හැවිරිදි නැන්දම්මා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකාර බෑනා මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.