26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුමින්දට එරෙහිව විනය ක්‍රියාමාර්ග

දුමින්දට එරෙහිව විනය ක්‍රියාමාර්ග

අයවැයට පක්‍ෂව ඡන්දය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව එම පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

අයවැයට විරුද්ධව ඡන්දය දීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය ඔහුට ද අදාළ බවත්, එතුමා ද මධ්‍යම කාරක සභාවට සහභාගී වී සිටි බවත් මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.