― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධීවරයන්ගේ භූමිතෙල් ගැටලුවලට රජයෙන් විසඳුමක්

ධීවරයන්ගේ භූමිතෙල් ගැටලුවලට රජයෙන් විසඳුමක්

ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකෝන් විසින් ඊයේ (22) මේ පිළිබඳව විශේෂ දැනුවත් කිරීමේ ලිපියක් දිස්ත්‍රික් ලේකම්රුන්, පළාත් ධීවර අමාත්‍යාංශ ලේකම්වරු සහ පළාත් සමූපකාර අමාත්‍යාංශය ලේකම්වරු වෙත යොමු කර ඇති බවයි වාර්තා වුණේ.

ඒ අනුව ධීවරයින්ගේ භූමිතෙල් අවශ්‍යතාව සැපිරීම සඳහා දිනකට ඉන්ධන බවුසර් 50 බැඟින් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබුණා.

නමුත් ඉන්ධන පිරවුම්හල් මඟින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් පමණක් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත් ධීවර ප්‍රඡාවට භූමිතෙල් සැපයීම නිසි ලෙස සිදුකර නැති අතර එමඟින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදුකිරීමට නොහැකි වී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් ලෙස සලකනු ලබන අතර ජනතාවගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලීමද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා. එබැවින් ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය හා ඒවා ලැබිය යුතු ප්‍රදේශ තීරණය කිරීමේ වගකීම ධීවර දෙපාර්තමේන්තුව, ධීවර අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත ලබා දී තිබෙන බවද අදාළ ලිපියෙන් දැනුම් දී තිබෙනවා.

පළාත් ධීවර අමාත්‍යාංශ සහ පළාත් සමූපකාර අමාත්‍යාංශ ලේකම්වරුන් ධීවර දෙපාර්තමේන්තුව, ඛනිජ තෙල් සංස්ථාව හා එක්ව ධීවරයින්ට අවශ්‍ය භුමිතෙල් අනුමත සීමාවන් තුළ සැපයීම සඳහා වන වගකීම ලබාදී තිබෙන බවත්, ඒ සඳහා පෞද්ගලික, සමූපකාර හෝ වෙනත් බලයලත් ඉන්ධන පිරවුම්හල් මගින් හෝ නාවික හමුදාවේ සහය ඇතිව ධීවරයින් වෙත අඛණ්ඩව භුමිතෙල් සැපයීම සිදුකරන ලෙසත් එම ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.