26.7 C
Colombo
Sunday, December 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිතුරන් සමඟ මාලු ඇල්ලීමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

මිතුරන් සමඟ මාලු ඇල්ලීමට ගිය තරුණයෙක් ජීවිතක්ෂයට

යාපනය, වල්ලෙයි පාලමේ ධීවර කටයුතුවල නිරතව සිටියදී ඉන් ඇද වැටී අතුරුදන් වූ තරුණයෙකු සොයා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඊයේ (22) සවස තරුණයින් කිහිප දෙනෙක් එක්ව ඇමක් යොදා මසුන් අල්ලමින් සිටියදී එක් තරුණයෙක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

තරුණයින් පිරිස එක්ව මසුන් අල්ලමින් සිටින අවස්ථාවේදී ඉන් එක් තරුණයෙකුගේ පය ලිස්සා දියට වැටීමත් සමඟ අනෙක් තරුණයන් පිරිස එතැනින් පලා ගොස් තිබේ.

එලෙස පලාගිය වුන් අතරින් තිදෙනෙක් මහජනතාව විසින් අල්ලා පොලිසියට භාරදී ඇති අතර මෙලෙස දියට වැටී මියගොස් ඇත්තේ පුත්තූර් කලමති ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙක් බවයි පොලීසිය පවසන්නේ.