25.6 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට හෙදියන්ට සිංගප්පූරුවේ රැකියා අවස්ථා

මෙරට හෙදියන්ට සිංගප්පූරුවේ රැකියා අවස්ථා

වසර 20කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇත.

දැනට රාජ්‍ය රෝහල් තුළ සේවය කරන හෙදියන් 4,000 ක් සිංගප්පූරු සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙක්ගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

වසර 20කට පසුව සිංගප්පූරුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සදහා පිවිසීමට ශ්‍රී ලාංකික හෙදියන්ට මෙම අවස්ථාව උදා වී ඇත.

මෙම අධ්‍යයන චාරිකාව තුළදී මෙම සිංගප්පූරු සෞඛ්‍ය නිලධාරීන් පිරිස ශ්‍රී ලංකා හෙද විදුහල, ශ්‍රී ජයවර්ධන මහ රෝහල, කොළඹ පෞද්ගලික රෝහලක්, ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ විෂයයන් පිළිබඳව අධ්‍යනය කිරීමට නියමිතයි.