26 C
Colombo
Wednesday, October 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනය සරසවියේ නවක වද ගැටුමකින් සිසුවෙක් රෝහලට

යාපනය සරසවියේ නවක වද ගැටුමකින් සිසුවෙක් රෝහලට

යාපනය විශ්වවිද්‍යාලයේ ඊයේ (22) ඇති වූ නවක සිසු ගැටුමක් හේතුවෙන් සිසුවෙක් රෝහල්ගත කර තිබේ.

කළමනාකරණ පීඨයේ සිව්වැනි වසරේ සිසුන් පිරිසක් විසින් පළවෙනි වසරේ සිසුවෙකුට පහර දී ඇති අතර පහරකෑමට ලක් වූ මෙම ශිෂ්‍යයා බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙම ශිෂ්‍යයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යාපනය විශ්වවිද්‍යාලය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.