27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalකියපු දේ කරන්න බැරි නම් මම අයින් වෙනවා - චාමර සම්පත්

කියපු දේ කරන්න බැරි නම් මම අයින් වෙනවා – චාමර සම්පත්

ලබන වසරේදී තමන් මැණික් අපනයනයෙන් ඩොලර් මිලියන 500ක ආදායමක් රටට ලබාදෙන බවත් එසේ නොවුණහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත් රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන.

අපි මැණික් ක්ෂේත්‍රය වැටෙන්න දෙන්නේ නෑ. මම මගේ උත්සාහයෙන් මම ලබන වසරේදී ඩොලර් මිලියන 500ක් රටට හොයලා දෙනවා කියලා අනිවර්යයෙන් කියනවා. නැත්නම මම ඇමතිකමින් අයින් වෙනවා. මිලියන 500ක් හොයන්න බැරිවුණොත්.