26.7 C
Colombo
Thursday, November 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරු ඉල්ලන්න හදන අලුත්ම දීමනාව මෙන්න

ගුරුවරු ඉල්ලන්න හදන අලුත්ම දීමනාව මෙන්න

චක්‍රලේඛයක් මඟින් ගුරුවරුන් සඳහා නිශ්චිත ඇඳුමක් ප්‍රකාශයට පත් කළහොත් ඒ සඳහා දීමනාවක් ලබාදිය යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මේ බව සඳහන් කළා.

අත්තනෝමතික ලෙස චක්‍රලේඛය වෙනස් කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවයි ඔහු එහිදී සඳහන් කර සිටියේ.

රාජ්‍ය සේවකයින්ට පහසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කරන ලෙස නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව පසුගිය දා සැහැල්ලු ඇඳුම්වලින් සැරසී පාසලට පැමිණි ගුරුවරුන් සම්බන්ධයෙන් කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.