27 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews'ගොඩයමු' තේමා ගීතය හා ජාතික පණිවුඩය එළිදක්වයි

‘ගොඩයමු’ තේමා ගීතය හා ජාතික පණිවුඩය එළිදක්වයි

රටේ සිදුවිය යුතු අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුවත් කරන මෙන්ම ඒවා සිදුකිරීමට රජයට බලකරන ‘ගොඩයමු’ සාමූහිකයේ තේමා ගීතය සහ ජාතික පණිවුඩය ඊයේ (23) මරදාන ට්‍රේස් සිටි ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබුවා.

මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් නොමිලේම තම දායකත්වය ලබාදුන් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක චමින්ද වාස් මෙහි ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වුණා. ගොඩයමු සාමූහිකය පෙනී සිටින මූලික අවම ආර්ථික ප්‍රතිසංස්කරණයන් පහත දැක්වෙනවා.

සියල්ල රජයෙන් ලබා දිය යුතු යැයි සිතන සුබසාධනවාදී ජාතික මානසිකත්වයෙන් ගැලවීම. රාජ්‍ය සේවයේ බඳවාගැනීම් වහා නතර කිරීම සහ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම. පාඩු ලබන රාජ්‍ය ආයතන ජනතාකරණය කිරීම. ආයෝජනවලට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සහ බාධාකාරී නීතිරීති ප්‍රතිසංස්කරණය. ඵලදායී, කාර්යක්ෂම සමාජ ආරක්ෂණ ජාලයක් ඇති කිරීම.

ගොඩයමු සාමූහිකයේ ආර්ථික ප්‍රතිසංස්කරණ පාදක වී ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය විසින් යෝජනා කරන ලද පාර්ලිමේන්තුවේ බොහෝ පක්ෂවල නියෝජිතයන් විසින් පිළිගත් අවම ආර්ථික වැඩපිළිවෙල මතයි.

මෙය කිසිඳු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ පුරවැසි ක්‍රියාකාරීත්වයක් බව ගොඩයමු සාමූහිකය පවසනවා. මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දෙමින් තමන් සමඟ අත්වැල් බැඳගන්නා මෙන් ගොඩයමු සාමූහිකය මෙහිදී සියලු මාධ්‍යවලින් ඉල්ලීමක් ද කරනු ලැබුවා.