27.2 C
Colombo
Monday, August 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලයිට් කපන්න ගිය සේවකයින්ගෙන් ගේම ඉල්ලූ නවීන්ට එරෙහිව පරීක්ෂණයක්!

ලයිට් කපන්න ගිය සේවකයින්ගෙන් ගේම ඉල්ලූ නවීන්ට එරෙහිව පරීක්ෂණයක්!

කොළඹ 7 පිහිටි නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයන් දෙදෙනකුට හිටපු අමාත්‍ය නවීන් දිසානායක විසින් කළේ යැයි කියන බලපෑමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳව වාහාම පරීක්‍ෂණයක් ආරම්භ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

ඊයේ (23) මෙම සිද්ධිය සිදු වී ඇති අතර විදුලි සේවකයින් පස්වරුවේද එම නිවසට ගිය අවස්ථාවේදී නිවස වසා ඇතැයි විදුලි සේවකයන් දැනුම් දී තිබේ.

එම නිවසේ විදුලි බිලේ විශාල හිඟ මුදල පිළිබඳව කීපවරක් දැනුවත් කිරීමෙන් පසුව බිල නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීමට ගොස් ඇති අතර එහිදී හිටපු අමාත්‍ය නවීන් දිසානායක අදාළ විදුලි සේවකයාගේ බෙල්ලෙන් අල්ලා එළියට ඇඳ දමා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.