26.7 C
Colombo
Monday, August 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකන් සේවයෙන් ඉවත්ව යන ගුවන් නියමුවන් ගණන ඉහළට

ශ්‍රී ලංකන් සේවයෙන් ඉවත්ව යන ගුවන් නියමුවන් ගණන ඉහළට

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඉවත් වන ගුවන් නියමුවන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ගුවන් නියමුවන්ගේ පුරප්පාඩු පිරවීම සඳහා තමාට නව අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නුඩාල් පවසා තිබේ.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අනාවරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

මෙම ගැටළුව දැනට අවධානයට ලක්විය යුතු කරුණක්. අපි මේ ගැන දිගින් දිගටම නිරීක්ෂණය කරනවා. මේ සම්බන්ධයෙන් තමන් අදාළ අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශ්ව සමඟ සාකච්ඡා කර තිබෙනවා. නව ගුවන් නියමුවන් සම්බන්ධ කර ගැනීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන් පවතිනවා. මේක ගොඩක් බරපතල තත්ත්වයක්.