25 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට මම සූදානම් නෑ

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට මම සූදානම් නෑ

ශ්‍රී ලංකාව හිඟාකන රටක් බවට පත් කිරීමට තමන් කිසිලෙසක සූදානම් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) දිවංගත අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලිගේ 86 වැනි ජන්ම දින සැමරුම් උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලාංකියින් ලෙස අප ස්ව උත්සාහයෙන් නැගීසිටිය යුතු බවත් මෙවර අයවැයෙන් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති බවත්ය.

පශ්චාත් උපාධි පාඨමාලා හැදෑරීමට හැකි විශ්වවිද්‍යාලයක් ලලිත් ඇතුලත්මුදලි නමින් ඉදිරියේදී මෙරට ස්ථාපනය කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.