30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංශෝධිත දුම්රිය කාලසටහන ළඟදීම ප්‍රකාශයට

සංශෝධිත දුම්රිය කාලසටහන ළඟදීම ප්‍රකාශයට

දුම්රිය වේග සීමා පැනවීමත් සමඟ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා තීරණය කළා.

ඒ අනුව සංශෝධනය කරන ලද දුම්රිය කාලසටහන සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම නව දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කරනු ලබන දිනය ලබන සතිය තුළ ප්‍රකාශයට පත්කරණු ඇති බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දුම්රිය පීලිපැනීම් සිද්ධීන් වාර්තාවීම වැඩිවීම සහ ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින් දුම්රිය මාර්ගයේ අබලන් සහිත ස්ථානවල දී දුම්රිය අඩු වේගයකින් ධාවනය කිරීම සඳහා වේග සීමා පැනවීමට පසුගියදා කටයුතු කරනු ලැබුවා.