25.6 C
Colombo
Monday, August 4, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීමා නිර්ණ කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

සීමා නිර්ණ කොමිසමේ කාලය දීර්ඝ කෙරේ

පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණය සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය දීර්ඝ කළ බව පළාත් පාලන ආයතන සඳහා කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති, ජාතික මැතිවරණ කොමිසමේ හිටපු ප්‍රධානී මහින්ද දේශප්‍රිය පැවසීය.

විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම කාලය දෙසැම්බර් 5 වැනිදා දක්වා දීර්ඝ කළ බවත් ඒ අනුව පළාත් පාලන ආයතනවල කොට්ඨාස සීමා නිර්ණයට අදාළව දේශපාලන පක්ෂ, සිවිල් සමාජ කණ්ඩායම් සහ මහජනතාවට සිය යෝජනා ලබන දෙසැම්බර් 5 වැනිදා දක්වා ඉදිරිපත් කිරීමේ හැඛියාව පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත යටතේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට පැවරී ඇති බලතල අනුව පංච පුද්ගල කමිටුවක් පත් කළ අතර ඒ සඳහා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් යුතු පංච පුද්ගල කමිටුවක් මේ මස මුල දී නම් කරනු ලැබීය.