29.5 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 05කට අධිචෝදනා

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් ඇතුළු 05කට අධිචෝදනා

පසුගිය වසරේ මැයි 20 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා, එම නැව් සමාගම හිමි මෙරට දේශීය නියෝජිතවරයා ඇතුළු විත්තිකරුවන් 5 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ අද (25) අධිචෝදනා භාර දුන්නේය.

සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ වැරදි සිදු කළේ යැයි චෝදනා කරමින් අධිචෝදනා 8ක් යටතේ විත්තිකරුවන් පස් දෙනා ඇතුළු විත්තිකරුවන් 8 කුට එරෙහිව නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබිණ.

අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් 5 දෙනාට අමතරව අධිකරණය හමුවේ පෙනී නොසිටි විත්තිකරුවන් තිදෙනාට ලබන 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි යැවීමට ද මහාධිකරණය විනිසුරුවරයා නියෝග කළේ ය.

අද දින අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් පස් දෙනාට විදේශගත විම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට ද නියෝග කෙරිණ.

#newsfirst