27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබැසිල්ට දුන්න VIP සේවාව සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මුදල් ගෙවයි

බැසිල්ට දුන්න VIP සේවාව සඳහා සිවිල් ගුවන් සේවා අධිකාරිය මුදල් ගෙවයි

පසුගිය 20 වැනිදා මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ සඳහා ගුවන්තොටුපොළේ ‘ගෝල්ඩ් රූට්’ පර්යන්තයේ සේවා සැපයීම වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 60,000ක මුදලක් සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ගෙවා ඇති බව වාර්තා වේ.

බැසිල්ට මෙම සේවාව සැපයූමේ පසුගිය ඉරිදා වුවද ඒ සදහා වූ බිල්පත ගෙවා ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා දින වීම විශේෂත්වයකි.

මාස කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදයට වී දිවි ගෙවූ බැසිල් රාජපක්ෂ මෙරටට පැමිණි වහාම ඔහුට සුබ පැතීම සඳහා ගෝල්ඩ් රූට් පර්යන්තය තුළට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 100කට අධික පිරිසකට පිරිනැමූ කෙටි ආහාර පාන සඳහායි මෙම මුදල වැය වී ඇත්තේ.