29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමගේ වැටුප ලක්ෂ 04යි - මහබැංකු අධිපති

මගේ වැටුප ලක්ෂ 04යි – මහබැංකු අධිපති

අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මාසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 04ක් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වගකිව යුතු දේශපාලනඥයන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ. එමෙන්ම තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බවද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියා.

තමන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත්, තමන් ලබාගන්නේ හිමි වැටුප, නිල නිවස සහ වාහනය පමණක් බවත් සඳහන් කළ ඔහු තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් පැවසුවා.

එමෙන්ම සාමාන්‍යයෙන් රජයේ සේවකයකු වසර 10 ක කාලයක් සේවයේ නියුතු වූ පසුව පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.