― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරුසියාවෙන් අඩු මිලට ඉන්ධන ගන්න සාකච්ඡා

රුසියාවෙන් අඩු මිලට ඉන්ධන ගන්න සාකච්ඡා

රුසියාවෙන් සහනදායී මිලකට බොරතෙල් මිල දී ගැනීම සම්බන්ධයෙන් මොස්කව් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ රූපවාහිනී නාලිකාවක පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර සම්මතයන් හෝ නීති කඩ නොකර රුසියාව සමඟ වැඩ කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. රුසියානු යුක්‍රේන ගැටුමෙන් අපි අසාමාන්‍ය ලෙස පීඩාවට පත්වී සිටිනවා. එබැවින් මෙය ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රිකව සහ සංවාදයෙන් විසඳා ගන්නා ලෙස අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඛනිජ තෙල්, බොරතෙල් සහ ගල් අඟුරු මිල මෙන්ම ධාන්‍ය මිල සහ පොහොර මිල ඉහළ යාම සම්බන්ධයෙන් අපට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ ගැටුම දශක ගණනාවකට පසු දරුණුතම විනිමය අර්බුදයට ලක්ව සිටින ශ්‍රී ලංකාවට සාමාන්‍ය අතිරේක පීඩනයක් එල්ල කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ නියැලෙන පිරිස 33% පමණ වෙනවා. ඔවුන්ට ඒ කර්මාන්තය සිදු කරගෙන යෑම සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය සාධකයක්. ඒක හරියට අපේ මිනිස්සුන්ගේ ජීවනාලිය වගේ. අපේ රුපියල අවප්‍රමාණය වීමත් සමඟම ඉන්ධන මිල හතර පස් ගුණයකින් ඉහළ ගිහින් තියෙනවා. ඒ මිල දරාගන්න බොහෝමයක් ශ්‍රී ලාංකිකයින්ට අමාරුයි. ඊට අමතරව රුසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයින් පැමිණෙන රටවල්. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ රටට වැඩියෙන්ම සංචාරකයන් පැමිණෙන රටවල් දහය අතරේ පසුගිය කාලයේ දී ඔවුන් ඉදිරියෙන්ම සිටියා. මේ ගැටුම් සහගත තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ සංචාර බොහෝ දුරට අඩු වෙලා තිබෙනවා. මේකත් අපේ ආර්ථිකයට තවත් පැත්තකින් බලපෑම් කරන කාරණයක්. මේ සියලු කරුණු සමීප ව නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව තමයි අපි අඩු මිලට ඉන්ධන ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තිබෙන්නේ. ඇත්ත වශයෙන්ම ඉදිරියේ දී අපිට රුසියාවෙන් සහනදායි මිල ගණන් යටතේ ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා නම් අපි නියත වශයෙන්ම ඒ අවස්ථාව ලබාගන්නවා. මොකද තවදුරටත් මේ රටේ ජනතාවට මේ මිල ඉහළ යෑම් දරා දරාගන්න බැහැ.