26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදේශ රැකියා නියෝජිතායතන 13ක බලපත්‍ර අත්හිටුවයි

විදේශ රැකියා නියෝජිතායතන 13ක බලපත්‍ර අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි විදේශ රැකියා නියෝජිත ආයතන 13ක් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබාදුන් බලපත්‍රය අවලංගු කර තිබේ.

විදේශ රැකියා සඳහා තැනැත්තන් බඳවා ගැනීම හා යොමුකිරීම සඳහා කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. එසේ බලපත්‍රයක් ලබාගැනීමේදී 1985 අංක 21 දරණ කාර්යාංශ පනත හා 1994 අංක 4 හා 2009 අංක 56 දරණ සංශෝධිත පනත් ප්‍රකාරව, විදේශ රැකියා සඳහා යොමුකළ තැනැත්තන්ගේ ගිවිසුම්ගත සේවා කාල සීමාව තුළදී ඔවුන් පිළිබඳව සොයාබැලීමත්, සේවා ස්ථානයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පැවතියේ නම් ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය සහනයන් සැලසීමත් සහ සේවා ගිවිසුමේ කොන්දේසි කඩනොවන පරිදි රැකියා අවස්ථා සලසා දීම එකී තැනැත්තන් විදේශ ගතකිරීමට මැදිහත් වූ රැකියා නියෝජිතායතනයේ වගකීම වේ.

සේවා ගිවිසුම් කඩවීම් සම්බන්ධයෙන් රැකියා ලාභීන් වෙතින් කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව විසඳුම් ලබාදීම සඳහා ඉදිරිපත් නොවූ රැකියා නියෝජිතායතනයන්, කාර්යාංශය සමග ඇති කර ගන්නා ලද ගිවිසුම් කඩ කිරීමක්ද සිදුකර ඇති බැවින් එයට අදාළව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග කාර්යාංශය විසින් ගන්නා ලදී.