― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරේගුවේ පගා කරුවෝ නිසා කිරිපිටි කිලෝ ලක්ෂයක් නරක් වෙලා?

රේගුවේ පගා කරුවෝ නිසා කිරිපිටි කිලෝ ලක්ෂයක් නරක් වෙලා?

මෙරටට ආනයනය කරන ලද කිරිපිටි තොගයක් පරිභෝජනයට නුසුදුසු වීම හේතුවෙන් සත්ත්ව ආහාර බවට පත්කිරීමට සිදුව ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

මෙලෙස සත්ත්ව ආහාර බවට පත් කිරීමට සැලැසුම් කර ඇත්තේ පසුගිය ජූලි මාසයේදී ආනයනය කළ බහාලුම් 4ක පවතින කිරිපිටි කිලෝග්‍රෑම් ලක්ෂයක තොගයකි.

රේගු නිලධාරින් පිරිසක් විසින් එම කන්ටේනර් නිකුත් කිරීම සඳහා කොමිස් මුදලක් ඉල්ලීම හේතුවෙන් එය ලබා නොදීමේ තත්ත්වය තුළ එම නිලධාරීන් කන්ටේනර් මුදාහැරීමට කටයුතු නොකරන බවට චෝදනා එල්ල වී තිබේ.

කෙසේවෙතත් අදාළ චෝදනාව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා ප්‍රතික්ෂේප කර ඇති අතර හෙතෙම පවසන්නේ එම කිරිපිටි බහාලුම් මුදාහැරීම පිළිබඳ ගැටලුවක් පවතින්නේ නම් එය ආනයන අපනයන පාලක දෙපාර්තමේන්තුව හරහා විසඳාගත යුතු බවයි.

මේ අතර දේශීය කිරිපිටි සමාගම් වසාදැමීමේ කුමන්ත්‍රණයක් මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින බවට ද කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය චෝදනාවක් එල්ල වී තිබේ.

මෙම චෝදනාව සෘජුවම ආරියශීලී වික්‍රමනායක ඇතුළු පිරිසකට එල්ල වී ඇති අතර ආනයනය කරනු ලබන කිරිපිටි තොග නියමිත පරිදි රේගුවෙන් නිදහස් නොකර ඒවා ජාවාරම්කරුවන් අතට පත් කිරීමේ උත්සාහයක නිලධාරීන් නිරත වෙමින් සිටින බවට ඔවුන් චෝදනා කරයි.