28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsෂෙඩ් එකක් ලබා දෙන බව කියා හාමුදුරුවන්ගේ ලක්ෂ 470කට විද්ද 71 උපාසකඅම්මා

ෂෙඩ් එකක් ලබා දෙන බව කියා හාමුදුරුවන්ගේ ලක්ෂ 470කට විද්ද 71 උපාසකඅම්මා

භික්ෂූන් වහන්සේ නමකගෙන් රුපියල් කෝටි පහකට ආසනන් මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් අත්අඩංගුවට ගත පුවතක් මෙරට ජාතික පුවත්පතක් අද (26) වාර්තා කර තිබුණා.

කලක සිට විහාරාස්ථානයේ පිංකම් ඇතුළු වැඩ කටයුතුවලට සහභාගී වෙමින් අදාළ හිමිනම සමඟ හිතවත්කමක් ගොඩනගා ගත් 71 හැවිරිදි කාන්තාවක් මෙලෙස මුදල් වංචා කර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව විසින් කඩවත ප්‍රදේශයේ තමා නමින් ඇති ඉන්ධන පිරවුම්හළක් භික්ෂූන් වහන්සේට ලබාදෙන බව පවසා මෙම මුදල් වංචාව සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙලෙස මෙම වංචාවට හසුව ඇත්තේ කැලණිය ප්‍රදේශයේ විහරාස්ථානයක විහාරාධිකාරී හිමි නමක් බවයි වාර්තා වුණේ. සැකකාර කාන්තාව සතුව කඩවත සහ ගනේමුල්ල යන ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් දෙකක් ඇති බවට කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
අදාළ කාන්තාව කැලණිය, පමණුවිල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි වාර්තා වන්නේ.