― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවයි

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය මාස 5කට අත්හිටුවයි

මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අබලන්ව ඇති දුම් රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩකළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත ඒක නිමකරනවා.