29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගර්භනී මවුවරුන්ගේ යකඩ පෙති හිඟයට මෙතෙක් විසඳුම් නැහැ

ගර්භනී මවුවරුන්ගේ යකඩ පෙති හිඟයට මෙතෙක් විසඳුම් නැහැ

ගර්භනී කාන්තාවන් සඳහා පවතින යකඩ පෙති හිඟයට මෙතෙක් විසඳුම් ලැබී නොමැති බවට පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

මාස 2ක පමණ කාලයක සිට මෙරට යකඩ පෙති හිඟයක් පවතී. මීට පෙර එක් පෙත්තක් රුපියල් 1 සිට 2 දක්වා මිලකට ලබා ගත හැකි වූ අතර දැනට ඒ වෙනුවට ඇත්තේ එක් ඖෂධ වර්ගයක් පමණි. එය රුපියල් 30ත් 35ත් අතර මිලකට අලෙවි කෙරේ.

පවතින ආර්ථික ප්‍රශ්න නිසා නියමිත පෙති වැඩි මිලට ලබා ගැනීමට අපහසු වී ඇත. එය විසදීමට රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි එම සංගමය පැවසුවේ.