28 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරුවරියන්ට සාරි දෙන්න ඇමති සුසිල් සූදානම්

ගුරුවරියන්ට සාරි දෙන්න ඇමති සුසිල් සූදානම්

සාරි ඇඳගෙන පාසල් යෑමට වත්කමක් නැති ගුරුවරියන් සම්බන්ධයෙන් තමා මේ දිනවල සමීක්‍ෂණයක් කරගෙන යන බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත ඊයේ (27) පැවැසීය.

සාරි මිලදී ගැනීමට වත්කමක් නැති නිසා වෙනත් මෝස්තර ඇඳුම් ඇඳගෙන යෑමට ගුරුවරියන්ට සිදුවී තිබෙන බවට රාවයක් ඇති බවත් එවැනි මුදල් නැති ගුරුවරියන්ට සාරි පිරිනැමීමේ ක්‍රමයක් තමා ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා පවසයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ සමහර ටීචර්ලා සාරි වෙනුවට වෙනත් මෝස්තර ඇඳුම් වලට වැඩි කැමැත්තක් දක්වන්නේ ඒගොල්ලන්ට දිනපතා සාරි ඇඳගෙන යෑමට සෑහෙන වියදමක් යන හින්දා වෙන්න ඇති. මේ වගේ නැති බැරි ටීචර්ලාට සාරි ටිකක් නොමිලේ හරි පරිත්‍යාග කරන්න ඕනෑ. ළඟදී මේ සම්බන්ධයෙන් කලාප අධ්‍යාපන නිලධාරීන් සමඟ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ නැති ප්‍රශ්න අල්ලාගෙන එන්ජීඕ කාරයෝ ටිකක් අද විවිධ කුමන්ත්‍රණ කරනවා. ඒවාට අපි අහුවෙන්නේ නෑ.