32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෝඨාගේ ඔෆිස් එකත් ලොව හොඳම ෆොටෝ 100 අතරට

ගෝඨාගේ ඔෆිස් එකත් ලොව හොඳම ෆොටෝ 100 අතරට

ලෝක ප්‍රසිද්ධ ටයිම්ස් සඟරාව මඟින් 2022 වසරේ ලොව හොඳම ඡායාරූප 100 මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

ටයිම්ස් සඟරාවේ ඡායාරූප කතෘවරුන් 08 දෙනෙකු විසින් මෙම ඡායාරූප 100 තෝරාගෙන ප්‍රසිද්ධ කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ, අනුව මෙම ඡායාරූප 100 අතරට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපය ද එක්ව තිබීම විශේෂත්වයක්.

මෙලෙස ටයිම්ස් සඟරාව විසින් තෝරාගෙන ඇත්තේ පසුගිය ජුලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද ගෝඨාභය රාජපක්ෂගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයක්.