රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කර තිබේ.
ඒ අනුව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඇතුළු වගඋත්තරකරුවන්ට මේ සම්බන්ධයෙන් දෙසැම්බර් මස 12 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා අභියාචනාධිකරණය විසින් නොතීසිද නිකුත් කර තිබේ.