26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොහෝ අමාත්‍යාංශවල කාර්යක්ෂමතාව අඩු බවට අනාවරණයක්

බොහෝ අමාත්‍යාංශවල කාර්යක්ෂමතාව අඩු බවට අනාවරණයක්

බොහෝ අමාත්‍යාංශවල ප්‍රගතිය සහ කාර්යක්ෂමතාව ඉතා පහළ මට්ටමක පවතින බව රහස්‍ය වාර්තාවකින් අනාවරණය වී තිබේ.

ජනතාව බලාපොරොත්තු වන තරම් කාර්යක්‍ෂම ලෙස අමාත්‍යාංශ තම වගකීම් ඉටු නොකරන බවද එම වාර්තාව පෙන්වා දී තිබේ.

ඇතැම් අමාත්‍යාංශවල අර්බුද හා ගැටලු විසඳනවා වෙනුවට අලුත් ප්‍රශ්න ඇති කර තිබෙන බවද පැවසේ.

මෙම වාර්තාවට අනුව කාර්යක්‍ෂමතාව, ප්‍රතිචාර දැක්වීම සහ ප්‍රගතිය නොමැති ඇමැතිවරුන් සහ ලේකම්වරුන් ඉතා ඉක්මනින් ඉවත් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.