― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරනිලුත් නිකන් කනත්ත ළඟින් යද්දී සින්දු කියන ජාතියේ මිනිහෙක්

රනිලුත් නිකන් කනත්ත ළඟින් යද්දී සින්දු කියන ජාතියේ මිනිහෙක්

රනිලුත් හරියට කනත්ත ළඟින් රෑ යනකොට හිතේ බය නැති කරගන්න සින්දු කියන මිනිහෙක් වගේ” බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

හෙතෙම මේ බව පවසා ඇත්තේ පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

රනිල් වික්‍රමසිංහගේ කතා කවුරු ලොකුවට ගත්තත් ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන කිසි ම තැකීමක් කරන්නේ නෑ. ඔහුට ලැබී තිබෙන නොගැළපෙන බලයෙන් මත් වී ‍දොරටු පාලකයා රජ වුණා වගේ කරමින් තිබෙන විකාර ඇතුළේ ජනතාවට කරන තර්ජනය, මර්දනයට ලැහැස්තියි කියන කතාවට අපි කිසිසේත් ම බය නෑ. පසුගිය කාලයේ ඇති වුණු මහජන නැගිටීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට වෛරයක් තිබෙන බව අපි දන්නවා. ඒ නැගිටීමෙන් ඔවුන්ගේ පන්තියට අභියෝගයක් සිදු වී ඇති බව අපි දන්නවා. ඒ අරගලය කියන්නේ කිසියම් දේශපාලන පක්ෂයක, පුද්ගලයන් කණ්ඩායමක තනි අරගලයක් නොවෙයි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ මීට පස්සේ අරගල කරන්න දෙන්නේ නෑ, අරගලවලින් පාලනය වෙනස් කරන්න දෙන්නේ නෑ, හදිසි නීතිය පාවිච්චි කරලා හමුදාව යොදා මර්දනය කරන බව යි. ජනතාව අරගල කළ යුත්තේ ඔවුන්ව පීඩාවට පත්කළ පීඩකයාගෙන් බලපත්‍ර අරගෙනද ? පීඩකයන් පලවා හැරීමට ලෝකයේ පාරට බැස්ස ජනතාව පීඩකයන්ගෙන් බලපත්‍ර ගත්තේ නෑ. ඒ වගේ ම පීඩකයන් කවදාකවත් ජනතා උද්ඝෝෂණවලට බලපත්‍ර දුන්නෙත් නෑ. ගෝඨාභය රාජපක්ෂත් රනිල් වගේ ම උද්ඝෝෂණ නතර කරන්න විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළා. කුමන පදනමකින් හෝ ගෝඨාභයට ලක්ෂ 69ක් ඡන්දය දීලා, හමුදාවේ නිලධාරියෙක් වී ඉඳලා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වෙලා හිටියා. ඔහුට උදවු කරන තුනෙන් දෙකක බලයක් තිබුණු ආණ්ඩුවක් තිබුණා. එහෙම නම්, ජනතාව පත් නොකළ රනිල් වික්‍රමසිංහට ජනතා උද්ඝෝෂණ නතර කරන්න කිසිසේත්ම බෑ.”