26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලොව වැඩිම ආහාර උද්ධමනය ඇති රටවල් අතරින් ලංකාව 6 වැනි තැනට

ලොව වැඩිම ආහාර උද්ධමනය ඇති රටවල් අතරින් ලංකාව 6 වැනි තැනට

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිම ආහාර මිල උද්ධමනය ඇති රටවල් අතර 6 වැනි ස්ථානයට පැමිණ ඇති බව ලෝක බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.

ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 86% ක් වන අතර මෙම වාර්තාවට අනුව ලෝකයේ වැඩිම ආහාර උද්ධමනයක් සහිත රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

එහි ආහාර උද්ධමන වේගය 321%කි. ලෙබනන්, වෙනිසියුලාව, තුර්කිය සහ ආජන්ටිනාව පිළිවෙළින් ලෝක ආහාර උද්ධමන සටහනේ 2වැනි, 3වැනි, 4වැනි සහ 5වැනි ස්ථානවල පසුවේ.

මෙම සමීක්ෂණයට අනුව ඉරානය සහ රුවන්ඩාව යන රටවල් ද සිටින්නේ ශ්‍රී ලාංකාවට වඩා හොඳ ආහාර මිල පවතින කාණ්ඩයේය.