27.8 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිමල්ට එරෙහි අල්ලස් නඩුවට දින නියම වෙයි

විමල්ට එරෙහි අල්ලස් නඩුවට දින නියම වෙයි

විමල් වීරවංශට එරෙහිව ගොනුකර ඇති නඩුවේ මූලික විරෝධතාවලට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ජනවාරි මස 16 වැණිදාට පෙර ගොනුකරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

ඒ විමල් වීරවංශ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස අත්පත් කරගත්තේ යැයි චෝදනා කරමින් පවරා ඇති නඩුවට අදාළවයි.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කියා සිටියේ මීට පෙර දින මූලික විරෝධතාවක් මතු කරමින් අල්ලස් පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රජයේ සේවකයින් වශයෙන් අර්ථකථනය කර නොමැති හෙයින් එම පනත යටතේ තම සේවාදායකයාට නඩු පැවරීමට හැකියාවක් නොමැති බවයි.