29.5 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලාංකික සරණාගතයින් 85ක් ආපසු මෙරටට එන්න එකඟ වෙයි

ශ්‍රී ලාංකික සරණාගතයින් 85ක් ආපසු මෙරටට එන්න එකඟ වෙයි

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට සංක්‍රමණය වීමට උත්සාහ දරමින් සිටියදී ජාත්‍යන්තර මුහුදේදී බේරාගත් ශ්‍රී ලාංකිකයින් 303ගෙන් 85 දෙනෙක් මෙරටට පැමිණීමට එකඟතාවය පළකර තිබේ.

පසුගිය නොවැම්බර් 07 වැනිදා ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් LADY R3  නම් ශ්‍රී ලාංකික ධීවර යාත්‍රාව වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක් විය.

යාත්‍රාව අනතුරට පත්වීමත් සමග එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දුන් අතර ඔවුන් විසින් මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දී තිබුණි.

මුදාගන්නා අවස්ථාවේදී යාත්‍රාව තුළ පිරිමි පුද්ගලයන් 264ක්, කාන්තාවන් 19ක් සහ ළමුන් 20දෙනෙකු එහි සිට ඇති අතර ඔවුන් සියලුදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වී තිබේ. එලෙස මුදාගත් පිරිස මේ වනවිට වියට්නාමයේ සරණාගත කඳවුරු කිහිපයක රඳවා සිටී.

කෙසේවෙතත් විදේශ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම පුද්ගලයින් 85 දෙනාව නැවතත් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා රජය මැදිහත් වන බවයි.