22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅත්අඩංගුවට පත් කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට පත් කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සැකකරු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට පැමිණීමෙන් අනතුරුවයි.